චීන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් 1:5,000,000 පරිමාණයේ චන්ද්‍ර භූ විද්‍යාත්මක සිතියමක් සකස් කර ඇත.
එහි දිග සෙන්ටිමීටර 280ක් සහ උස සෙන්ටිමීටර 120ක් පමණ වේ. එයට උතුරු සහ දකුණු ධ්‍රැවවල අර්ධ වශයෙන් සැකසූ භූ විද්‍යාත්මක සිතියම් ඇතුළත් වන අතර චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට 13,000 කට වැඩි ප්‍රමාණයක් සහ ද්‍රෝණි 81ක් ඉතා නිරවද්‍ය ලෙස සලකුණු කර ඇත. එමෙන්ම ඒවා භූ විද්‍යාත්මක ව්‍යුහයන් 14කට සහ පාෂාණ වර්ග 17 කට වර්ගීකරණය කර තිබේ.
මෙම සිතියමේ නව අනුවාදය මගින් චීනයට චන්ද්‍ර ගවේෂණය සඳහා තීරණාත්මක විද්‍යාත්මක සහායක් ලබා දෙන බවත්, සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමය පිළිබඳ මානව ගවේෂණයට අනුබලයක් ලබා දෙන බවත් චීන භූ විද්‍යා ඇකඩමියේ, භූ විද්‍යා ආයතන අධ්යක්ෂ Yang Zhiming මහතා පැවසීය.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්