November 11, 2026

ෂින්ජියැං ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ වැඩසටහනක් විකාශනය ආරම්භ කෙරේ

චීන මාධ්‍ය සමූහයේ සංස්කෘතික හා සංචාරක වැඩසටහනක් වන “Xin hua lu fang” එළිදැක්වීමේ උත්සවය ඊයේ(8) ෂින්ජියැං උයිගුර් ස්වායත්තයේ  Ili ප්‍රදේශයේ පැවැත්විණ.

ෂින්ජියැං හි සංස්කෘතික හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට සහාය වීම සඳහා, චීන මාධ්‍ය සමූහය සහ ෂින්ජියැං සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කරමින් එම වැඩසටහන නිෂ්පාදනය කර ඇත.

මෙම වැඩසටහන ෂින්ජියැං හි ඉතා ජනප්‍රිය සංචාරක මාර්ග හතරක් කෙරෙහි අවධානය යොමු කරමින් ෂින්ජියැං හි සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය මෙහෙයවීම විශේෂත්වයකි.

වැඩසටහන් මාලාව කොටස් 12කින් සමන්විත වන අතර එළඹෙන 14 වන දින සිට සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9ට CCTV නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

About The Author