November 12, 2026

ජපන් ආක්‍රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ

චීන මාධ්‍ය සමූහය සහ දකුණු කොරියාවේ JOONGANG GROUP සමාගම ඒකාබද්ධව නිෂ්පාදනය කළ“5”නම් වාර්තා චිත්‍රපටය මේ දිනවල චීනය,දකුණු කොරියාව, ඉන්දුනීසියාව හා පිලිපීනය ඇතුළු රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන මගින් විකාශය කෙරෙමින් තිබේ.

දෙවන ලෝක යුද සමයේ ජපාන ආක්‍රමණිකයෝ, සිය හමුදා භටයන් වෙනුවෙන් ආසියාතික රටවල කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික සේවයේ යෙදවීමට කටයුතු කළහ. මේ වන විට එම කාන්තාවන්ගෙන් බහුතරය ජීවතුන් අතර නැත.

දැනට දකුණු කොරියාවේ එම අපරාධයන්ට ගොදුරු වූ කාන්තාවන් සිටින්නේ 5 දෙනෙකු පමණි. “5” වාර්තා චිත්‍රපටය එම කාන්තාවන් පස්දෙනා කේන්ද්‍ර කරගෙන දෙවන ලෝක යුද සමයේ ජපාන ආක්‍රමණිකයන්ගේ සාහසික අපරාධ හෙළි කර තිබේ.

‍මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන් ලක්ෂ 63ක් මෙම වාර්තා චිත්‍රපටය නරඹා ඇත. ඔවුන්ගෙන් ලක්ෂ 8ක පමණ පිරිසක් එම වාර්තා චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වා තිබේ.

About The Author