November 12, 2026

2026 APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ

2026 ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සංවිධානයේ (APEC) නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඊයේ (11) දකුණු චීනයේ Shenzhen නගරයේදී නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබේ. 

Shenzhen සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ අංක 2 ශාලාවේ පිහිටි එම මාධ්‍ය මධ්‍යස්ථානය මෙවර නායක සමුළුවේ වැදගත් අංශයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. එහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් 15000කි. සමුළුව වාර්තාකරණයට එක්වන දෙස් විදෙස් මාධ්‍යවේදීන් 5000කට ආසන්න පිරිසක් සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම, ප්‍රවෘත්ති නිකුත් කිරීම, කෘත්‍රිම බුද්ධිය පාදක කරගනිමින් වාර්තා සැකසීම ඇතුළු සේවා සැපයීමට මාධ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් සලසා ඇත.

About The Author