ජපානයේ හදිසි “නැවත හමුදාකරණය” කලාපීය සහ ගෝලීය ආරක්ෂාව අඩපණ කිරීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ තොරතුරු සහ මාධ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ Alexey Fadeev මහතා පවසයි.
දෛනික මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඊයේ(6) මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කළේ ජපානය තම ව්‍යවස්ථාවේ දක්වා ඇති සාමවාදී මූලධර්මවලින් ඉවත් වෙමින් සිටින බවත්, එහි න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන වැනි කැපවීම් අත්හැරීමට උත්සාහ කරමින් සිටින බවත්ය.
හිරෝෂිමා පරමානු බෝම්බ ප්‍රහාරයේ 81 වන සංවත්සරය සනිටුහන් කරන අවස්ථාවේදී, ජපාන රජය ඉතිහාසය කැඩපතක් ලෙස ගෙන, ඉතිහාසයේ පාඩම් මතක තබා ගනු ඇතැයි සහ එකම නිවැරදි මග සාමයේ මාවතට අනුගත වීම බවට පසක් කර ගනු ඇතැයි, රුසියාව අපේක්ෂා කරන බව Alexey Fadeev මහතා සඳහන් කළේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්