May 31, 2026

APEC සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම එළඹෙන 22 වැනිදා සිට

2026 වසරේ APEC සංවිධානයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම එළඹෙන 22 වැනිදා සිට 23 වැනිදා දක්වා චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ පැවැත්වීමට නියමිතය. අද(18) සිට එම රැස්වීම යටතේ අදාළ කරුණු කිහිපයක් කෙරෙහි සාකච්ඡා ආරම්භ වේ. APEC සංවිධානයේ ආර්ථික ඒකකයන් හා ජගත් සංගම් 21ක නියෝජිතයන් 700ක පිරිසක් මෙවර රැස්වීමට සහභාගි වීම විශේෂත්වයකි. 

මේ වසරේ රැස්වීමෙන් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහතික කිරීම, ආසියානු-ශන්තිකර සහයෝගිතාව තහවුරු කිරීම, ගෝලීය විවෘතභාවය හා සංවර්ධනය යනාදිය වෙත සක්‍රිය ක්‍රියාභාරයක් ඉටු කරනු ඇත. දිනෙන් දින උග්‍ර වෙමින් පවතින වෙළඳ ආරක්ෂකවාද ප්‍රවණතාවෙන් එල්ල වූ බලපෑම් අවම කිරීමට ද එයින් අපේක්ෂා කෙරේ. 

එමෙන්ම ඩිජිටල්, හරිත යන ක්ෂේත්‍රවල සහයෝගිතා කේන්ද්‍ර කරගනිමින් මෙවර රැස්වීම ලෝක තාක්ෂණික නවෝත්පාදන ප්‍රවණතාවට වඩා යහපත් ලෙස අනුකූල වී ලෝක ආර්ථික වර්ධන බලපෑම් ලිහිල් කර කලාපීය සහෝගිතාවේ නව සංවර්ධන අවස්ථා නිර්මාණය කරන බවට ද අපේක්ෂා කෙරේ.  

About The Author