May 31, 2026

10 වන චීන-රුසියා ප්‍රදර්ශනය ඇරඹේ

10 වන චීන-රුසියා ප්‍රදර්ශනය ඊයේ(17) චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී ආරම්භ විය. රටවල් සහ කලාප 46 කින් පැමිණි දෙස් විදෙස් ව්‍යවසායන් 1,500 කට වැඩි ප්‍රමාණයක් ඊට එක් වූහ.

“විශ්වාසය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය යහපත” යන තේමාවෙන් මෙම ප්‍රදර්ශනයෙන්, චීනය සහ රුසියාව අතර සහයෝගීතාවයේ ඵලදායී කර්මාන්ත, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ නවීන ජයග්‍රහණ පුළුල් ලෙස ප්‍රදර්ශනය කෙරේ.

වර්ග මීටර් 55,000ක මුළු භූමි ප්‍රමාණයකින් යුක්ත මෙම ප්‍රදර්ශනයට, චීන-රුසියා සහයෝගීතා, හරිත ආහාර සහ විශාල උපකරණ යන ප්‍රධාන ප්‍රදර්ශන ක්ෂේත්‍ර අටක් ඇතුළත් වේ. එහිදී ප්‍රථම වරට ඉදිරිපත් කරන නව නිෂ්පාදන 500 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන අතර, නව ව්‍යාපෘති හා සහයෝගීතා තාක්ෂණයන් 800 කට වැඩි ප්‍රමාණයක් ද එයට ඇතුළත් වේ. දින 5ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ අදාළ ක්‍රියාකාරකම් 100කට ආසන්න ප්‍රමාණයක් ද පැවැත්වේ.

චීන-රුසියා ප්‍රදර්ශනය යනු දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ඉහළම මට්ටමේ සහ විශාලතම පරිමාණයේ පුළුල් ප්‍රදර්ශනයයි. 2014 වසරේ ප්‍රථම වරට පැවැත්වීමේ සිට, මේ දක්වා එය චීන සහ රුසියානු ව්‍යවසායන් 7,200කට අධික සංඛ්‍යාවක් සහ ව්‍යාපාරිකයින් මිලියන  1.0‍5කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගෙන තිබේ

About The Author