May 31, 2026

මුල් මාස හතරේ චීන ජාතික ආර්ථිකය ස්ථාවර හා වර්ධනීය ප්‍රවණතාවක

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක මෙම වසරේ මුල් මාස හතරට අදාළ ආර්ථික දත්ත නිකුත් කළේය.

ඒ අනුව, රටපුරා වාර්ෂික ආදායම යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය වාර්ෂිකව 5.6%කින් වර්ධනය වී ඇත. සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය 4.9%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කෙරේ. සමාජ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර විකුණුම් යුවාන් ට්‍රිලියන 16.4 ඉක්මවූ අතර එය වාර්ෂිකව 1.9%ක වැඩිවීමකි. එසේම භාණ්ඩ ආනයන හා අපනයනවල මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 16.22 ඉක්මවූ අතර එය වාර්ෂිකව 14.9%කින් වර්ධනය විය.

මෙම වසරේ මුල් මාස හතර තුළ චීනය සක්‍රීය හා ඵලදායී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, රැකියා, ව්‍යවසායන්,  වෙළඳපොළ සහ ආර්ථික අපේක්ෂාවන් ස්ථාවර කිරීම සඳහා උපරිම උත්සාහයක් දරා ජාතික ආර්ථිකය ස්ථාවර වර්ධනයක පවත්වා ගෙන තිබෙන බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එහිදී පැවසීය.

About The Author