පිලිපීනය සිය ප්රකෝපකාරී හැසිරීම් වහාම නතර කළ යුතු බවට චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය අනතුරු අඟවයි. පසුගිය 3 වැනිදා චීන රජයේ අවසර රහිත පිලිපීනයට අයත් අංක C-208 දරන ගුවන් යානාවක්, නීතිවිරෝධී අයුරින් චීනයේ Huangyan දූපත අසල ගුවන් ප්‍රදේශයට ඇතුළුවී තිබිණ. මේ සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ ප්‍රකාශක Zhai Shichen මහතා ප්‍රතිචාර දක්වා ඇත. එම ගුවන් යානාව පලවා හැරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය නාවික හා ගුවන් හමුදා බලකා යොදවා අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව එම ගුවන් යානය නිරීක්ෂණය කර, ඊට අදාළ නිසි පියවර ගැනීමට ද කටයුතු කළ බව හෙතෙම පැවසීය.
Huangyan දූපත චීනය සතු භූමියකි. පිලිපීනය සිය ප්රකෝපකාරී හැසිරීම් වහාම නතර කළ යුතු බවට චීනය දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. රටේ භෞමික ස්වාධිපත්‍යය, ආරක්ෂාව මෙන්ම කලාපයේ සාමය හා ස්ථාවරත්වය සුරැකීමට චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය ස්ථීරව කටයුතු කරමින් සිටින බව ද Zhai Shichen මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්