November 10, 2026

සිය භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතීන් දැඩිව සුරකින බව චීනය අවධාරණය කරයි

රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතීන් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීනය ප්‍රකාශ කරයි. පිලිපීනය සෙසු රටවල් කිහිපයක් සමග ඊනියා “ඒකාබද්ධ මුර සංචාර”සංවිධානය කරමින් දකුණු චීන මුහුදේ සාමය හා කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Zhai Shichen මහතා ඊයේ (26) ප්‍රකාශ කළේ, සිය හමුදා රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතීන් දැඩි ලෙස ආරක්ෂා කරන බවය. චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය, නාවික හා ගුවන් හමුදා බලකාය යොදවමින් අද (26) දින දකුණු චීන මුහුදේ සාමාන්‍ය මුර සංචාරයක් සිදු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

About The Author