November 10, 2026

චීන ජනපතිගේ Yiwu නගරයේ සංවර්ධන අත්දැකීම් රට සවිබලගැන්වීමට ද වැදගත් 

චීනයේ Zhejiang පළාතේ Yiwu නගරය චීනයේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සමගින් වෙළඳ ගනුදෙනු පදනම්ව ශීඝ්‍රයෙන් වර්ධනය වූ නගරයකි. මෙම නගරය “චීනයේ නිෂ්පාදන” හා ලෝක වෙළඳපොල යා කෙරෙන ශක්තිමත් පාලමක් වශයෙන් සැලකේ. Yiwu නගරය ලොව විශාලතම කුඩා භාණ්ඩ සිල්ලර වෙළඳපොල සතු ලෝප්‍රකට බහුවිධ භාණ්ඩ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2002 වසරේ සිට 2007 වසර දක්වා Zhejiang පළාතේ සේවය කළ කාලයේ බොහෝ වර Yiwu නගරය වෙත ගොස් නිරීක්ෂණයන්හි නිරත වී තිබිණ. එසේ නිරීක්ෂණ කටයුතු කිරීමේදී හෙතෙම Yiwu නගරයේ සංවර්ධන අත්දැකීම් සම්පිණ්ඩනය කර තිබිණ. වර්තමානයේදී වුවද එම සම්පිණ්ඩනය රට සවිබලගැන්වීමට වැදගත් වන ඉතා වටිනා අදහස් වේ. ඉන් අදහස් කිහිපයක් පහත උපුටා දක්වා ඇත.

“අනුන්ගෙන් සෘජුවම අත්දැකීම් ගන්නේ නැතුව තමන්ගේ සැබෑ තත්ත්වයට ගැළපෙන අයුරින් සංවර්ධන උපාය මාර්ග සකස් කළ යුතුය. ”

“වගකිව යුතු බලධාරීන් මාරු වුව ද ප්‍රයෝගික අත්දැකීම්වලින් ඔප්පු වී ඇති සාර්ථක කලාපීය ආර්ථික සංවර්ධන උපාය මාර්ගය ‍නොවෙනස්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය. ”

“රාජ්‍ය පරිපාලනය සහ වෙළඳපොල අතර සමබරතාවක් තිබිය යුතු ය. රාජ්‍ය පරිපාලකයන් වෙළඳපොලට ආවේණික ක්‍රියාකාරීත්වයට නිදහස ලබා දිය යුතු ය. ”

“වෙළඳපොල වර්ධනය වන්නේ එක් තාලයකට නොවේ. එය අඛණ්ඩව ඉදිරියට වර්ධනය වන විට රජය ඊට සමගාමීව අදාළ ක්‍රම හා නියමයන් සකස් කළ යුතු ය.

“රට සවිබලගැන්වීමේදී නගර හා ග්‍රාමීය ප්‍ර‍දේශ අතර සමීප සම්බන්ධතා පවත්වා ගත යුතුය. කර්මාන්ත හරහා කෘෂිකර්මාන්තය පෝෂණය කරන අතර වාණිජ්‍යය හරහා කෘෂිකර්මාන්තය ශක්තිමත් කළ යුතුය.”

About The Author