සංවෘත කල්ලි ගොඩනැගීමට චීනය සැමවිටම විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසිය.
දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑමට එරෙහිව ඇමරිකා මහාද්වීපය, අප්‍රිකාව සහ ආසියාව යන කලාපවල ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කිරීමට ඇමරිකාව සැලසුම් කරන බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විමසුමකට පිළිතුරු දෙමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
රටවල් අතර සාමාන්‍ය සම්බන්ධතා හා සහයෝගිතා සිදු කිරීමේදී කිසිදු තෙවන පාර්ශ්වයකට එරෙහිව යොමු නොකළ යුතු බව ඔහු පැවසීය. එම කලාපවල රටවල් හා ප්‍රදේශ සමඟ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ චීනයේ සහයෝගිතාවන් වර්ධනය වීම, කිසිවෙකුගේ කැමැත්තක් හෝ ගැටීමක් අරමුණු කොට සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් එම සහයෝගිතා හේතු වනු ඇති බව Lin Jian මහතා අවධාරණය කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම