November 10, 2026

චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට වගකිවයුතු පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස චීනය ජපානයෙන් ඉල්ලයි

ජපන් ස්වේච්ඡා ආරක්ෂක හමුදා සේවයේ නිරත Kodai Murata, නීතිවිරෝධී ලෙස පිහියක් රැගෙන ජපානයේ චීන තානාපති කාර්යාලයට ඇතුළු වීමේ සිදුවීම් කෙරෙහි ගැඹුරින් සොයා බලා, චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට වගකිවයුතු පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස චීනය නැවත වරක් ජපානයෙන් ඉල්ලා සිටී.

ජපාන පාර්ශ්වය එම සිදුවීම විමර්ශනය කර සිය වරද නිවැරදි කළ යුතු අතර, සිද්ධියට මූල හේතූන් ගැඹුරින් විමසිය යුතු බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

එම සිද්ධිය සිදු වීමෙන් මාස හතරක් ගතවී ඇතත්, ජපානය විමර්ශන සහ පියවර ගැනීම නැවත නැවතත් ප්‍රමාද කරමින්, අපරාධකරුවන්ට කඩිනමින් දැඩි දඬුවම් ලබා දීමට අපොහොසත් වී ඇති බවත්, ජපානයේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල ආරක්ෂාවට තර්ජනයක් වන බරපතල සිදුවීම් තවත් කාලයෙන් කාලයට සිදුවෙමින් පවතින බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

වාර්තාවලට අනුව, Kodai Murataගේ මානසික ඇගයීමක් ටෝකියෝ දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලය විසින් සම්පූර්ණ කර ඇත. ඔහුට අපරාධය සඳහා සංජානනමය අවබෝධය සහිත බවට නිගමනය කර ඇති අතර, ඔහුට එරෙහිව පොදු පැමිණිල්ලක් ගොනු කර ඇත.

About The Author