රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතීන් දැඩි ලෙස ආරක්ෂා කරන බව චීනය ප්‍රකාශ කරයි. පිලිපීනය සෙසු රටවල් කිහිපයක් සමග ඊනියා “ඒකාබද්ධ මුර සංචාර”සංවිධානය කරමින් දකුණු චීන මුහුදේ සාමය හා කලාපීය ස්ථාවරත්වය කඩාකප්පල් කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ ප්රවෘත්ති ප්‍රකාශක Zhai Shichen මහතා ඊයේ (26) ප්‍රකාශ කළේ, සිය හමුදා රටේ භෞමික ස්වෛරීභාවය හා සමුද්‍රීය අයිතීන් දැඩි ලෙස ආරක්ෂා කරන බවය. චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය, නාවික හා ගුවන් හමුදා බලකාය යොදවමින් අද (26) දින දකුණු චීන මුහුදේ සාමාන්‍ය මුර සංචාරයක් සිදු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම