
ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වන සංවත්සරය “යුද්ධයේ අවසානය, සාමයේ බලාපොරොත්තුව 1945-2025” යන මැයෙන් 26වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.
දෙවන ලෝක මහා යුද්ධයේ ආසියානු පෙරමුණේ යුද්ධය අවසන් වීම සිදුවූ සැප්තැම්බර් 3 වෙනිදාට මෙම 80 වන සංවත්සරය යෙදී තිබේ. ආසියානු මහද්වීපයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සිදුවුණු ජපන් ආක්‍රමණයට එරෙහිව මෙම යුද පෙරමුණේ සටන් ඇවිලී ගියේය. එම ආක්‍රමණයට විරුද්ධව ප්‍රධාන වශයෙන් සටන් කරනු ලැබුවේ චීන හමුදාවයි.

මෙම අනුස්මරණ උත්සවය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව සිටියහ.
මෙම උත්සවයේ දී ආගමික නායකයින් විසින් සාම ප්‍රකාශයක්ද එළිදැක්වීය. එය නම් කර තිබුණේ සිරි සරණංකර සාම ප්‍රකාශය වශයෙනි. එම ප්‍රකාශය දේශපාලන පක්ෂ නායකයින්ට සහ තානාපතිවරුන් වෙත පිළිගැන්වීය.
මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලුම ආගම්වල පූජකතුමන්ලා, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්, විදෙස් තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්, සමාජ-දේශපාලන ක්‍රියාකාරීන්, විද්වතුන්, ඇතුළු මහජනතාව එක්ව සිටියහ.
More Stories
චීනයේ අධිවේගී බෙදාහැරීමේ පරිමාව මේ වසරේදී පාර්සල් බිලියන 150 ඉක්මවයි
මෙම වසරේ මුල් භාගයේ චීනයේ සමුද්‍රීය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන පහ ඉක්මවයි
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ