ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අද (28) පෙරවරුවේ පළමු මාධ්‍ය හමුව පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්න මෙම යුද අනුස්මරණ උත්සවයේ ප්‍රධාන තේමාවයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන්,රාජ්‍ය නායකයින් 26 දෙනෙකු එම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එහිදී සඳහන් වුණේ. විශේෂයෙන්ම රුසියානු ජනාධිපති Vladimir Putin සහ උතුරු කොරියානු ජනාධිපති Kim Jong Un ද එම අවස්ථාවට එක් වීමට නියමිත ව තිබෙනවා.
එමෙන් ම, එම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 03 වන දින රාත්‍රීයේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි