චීනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් දත්තවලට අනුව පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා වූ ගිම්හාන කාලයේ බොක්ස් ඔෆිස් ආදායම අද(29)දිනය වනවිට චීන යුවාන් බිලියන 11.5 ඉක්මවා ඇත.
අදාළ චිත්‍රපට නැරඹුම් වාර ගණන මිලියන 300 ඉක්මවා ගිය අතර, එය 2024 වසරේ ගිම්හාන සමයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරේ.
ඒ අතරින්, නැන්ජිං සංහාරය පිළිබඳ චීන සිනමාපටයක් වන “Dead To Rights” ජූලි 25 වනදා, එනම් තිරගත වීම ඇරඹි දින සිට මේ දක්වා යුවාන් බිලියන 2.8 කට වැඩි ආදායමක් උපයා ඇත. එය චීන චිත්‍රපට ඉතිහාසයේ ගිම්හාන සමයේ ඓතිහාසික චිත්‍රපට සඳහා මෙතෙක් පැවති බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ දැමීම ද විශේෂත්වයකි.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති