
නව වටයේ චීන-ඉන්දීය උපාය මාර්ගික සංවාදය පැවැත්වේ. චීන උප විදේශ අමාත්‍ය Ma Zhaoxu මහතා සහ ඉන්දීය විදේශ ලේකම් Vikram Misri මහතා ඊයේ (10) ඉන්දියාවේ නවදිල්ලියේදී එම සංවාදය පැවැත්වූහ. ජාත්‍යන්තර තත්ත්වය, දෙස් විදෙස් ප්‍රතිපත්ති, පොදුවේ සැලකිල්ල දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශ්වය සුහද හා විවෘතව සාකච්ඡා කර ඇත.
සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ චීනය හා ඉන්දියාව දෙරට නායකයින් එළඹි එකඟතාවන් ක්‍රියාවට නංවා ගනිමින් දූරදර්ශී හා උපාය මාර්ගික වශයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගෙන යා යුතු බව එහිදී අවධාරණය කෙරිණ. චීනය හා ඉන්දියාව එකිනෙකා වෙත තර්ජනයක් වන ප්‍රතිවාදීන් නොව අන්‍යෝන්‍ය වශයෙන් සංවර්ධන අවස්ථා ලබාදෙන හවුල්කරුවන් ය. එබැවින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතාව තහවුරු කරමින් මතභේද නිසි අයුරින් තුරන් කරමින් ද්විපාර්ශ්වික සබඳතා විධිමත් හා තිරසර දිශාවක් කරා ගෙන යාම වැදගත් බව එහිදී පිළිගැනිණ. එමෙන්ම මේ වසරේ හා ලබන වසරේ බ්‍රික්ස් රටවල සභාපතිත්වය දරන කාලය තුළ අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබාදීමට ද එම සංවාදයේදී චීනය හා ඉන්දියාව එකඟ විය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති