චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව ඔපෙරා ගාලා රාත්‍රී ප්‍රසංගයේ ප්‍රවර්ධන උත්සවයක් අද (09) බෙයිජිං හිදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය, Guangxi Zhuang ස්වායත්තය, චීන නාට්‍ය සංගමය, චීන නාට්‍ය කලා ජාතික ඇකඩමිය සහ අනෙකුත් අදාළ සංවිධානවල නිලධාරීන් මෙන්ම රට පුරා සිටින කීර්තිමත් හා තරුණ පරපුරේ ඔපෙරා කලාකරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව ඔපෙරා ගාලා රාත්‍රී ප්‍රසංගය ප්‍රථම වරට Guangxi Zhuang ස්වායත්තයේදී පැවැත්වේ. මෙම රාත්‍රී ප්‍රසංගය කැපී පෙනෙන සාම්ප්‍රදායික චීන සංස්කෘතියෙන් ආභාසය ලබා ඇති අතර සාම්ප්‍රදායික කලාවන් සමකාලීන දීප්තියෙන් බැබළීමට උපකාර කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදනයන් භාවිතා කරයි. එමෙන්ම, ඊට ආසියන් සංගම් රටවල් කිහිපයක සංස්කෘතික අංග ඇතුළත් කර ගනිමින්, ශිෂ්ටාචාර හා මිනිසුන් අතර සම්බන්ධතාවය මෙන්ම අන්‍යෝන්‍ය ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර වාතාවරණයක් ද ඉදිරිපත් කරයි.

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව ඔපෙරා ගාලා රාත්‍රී ප්‍රසංගය පෙබරවාරි මාසයේ 18වැනිදා CCTV-1 නාලිකාව සහ CCTV-11 නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. ඊට සමගාමීව, එය චීන මාධ්‍ය සමූහයේ විවිධ නව මාධ්‍ය වේදිකාවල ද විකාශය කෙරෙනු ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති