චීන තායිවානය පිළිබඳ ජපාන අගමැතිනිගේ වැරදි ප්‍රකාශ ඉවත් කර ගන්නා ලෙසත් ප්‍රායෝගික ක්‍රියාවන් මගින් චීන-ජපාන සබඳතා සඳහා වන දේශපාලන පදනම ආරක්ෂා කරන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලයි.
ඊයේ(08) ජපාන මහ මැතිවරණයෙන්, එරට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(LDP) සහ ජපාන නවෝත්පාදන පක්ෂය(JIP) නියෝජනය කරන පාලක සන්ධානය ජය ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
ජපානය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථාවර මට්ටමක පවතින අතර, යම්කිසි මැතිවරණයක් හේතුවෙන් එය වෙනස් නොවනු ඇත. එහෙත්, මෙවර මහ මැතිවරණයේ ඇතැම් ගැඹුරු හා ව්‍යුහාත්මක ගැටලු පෙන්නුම් කරයි. එරට දක්ෂිණාංශික බලවේග අනිසි අයුරින් ක්‍රියා කරන්නේ නම් එහි ජනතාව හා ජගත් ප්‍රජාවේ දැඩි විරෝධතාවලට ලක් වනු ඇති බව ද Lin Jian මහතා පැවසීය.
මේ අතර, ජපාන අගමැතිනි Takaichi Sanae, Yasukuni දේවස්ථානයේ වන්දනා චාරිකාවක නිරත වීමට සැලසුම් කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී අවධාරණය කර සිටියේ ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය නිසි අයුරින් පසුවිපරමක නිරත වී සැබෑ ක්‍රියාවන් තුළින් මිලිටරිවාදය සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු බවයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි