
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(10) බෙයිජිං නගරයේ Xicheng දිස්ත්‍රික්කයේ පිහිටි වැඩිහිටි ප්‍රජාව සඳහා වෙන් වූ ආපන ශාලාවකට පැමිණ එහි විවේක ගනිමින් සිටි කුරියර් සේවකයින් හමු විය. ජනාධිපතිවරයා එහිදී ඔවුන්ගේ රාජකාරි කටයුතු හා දෛනික ජීවිතය පිළිබඳව සැලකිලිමත්ව විමසීය. වෙහෙසකාරී වුවත් ඔවුන් ලබා දෙන සේවය සහ සමාජය වෙනුවෙන් සිදු කරනු ලබන කැපකිරීම් බෙහෙවින් අගය කළ ෂී ජින්පිං මහතා එම කුරියර් සේවකයින් වෙත අලුත් අවුරුද්දේ සුබ පැතුම් පිරිනැමුවේය.
වසන්ත උත්සවයකට පෙර ෂී ජින්පිං ජනාධිපතිවරයා කුරියර් සේවක පිරිසක් සමග සුහද පිළිසඳරක නිරත වූ දෙවන අවස්ථාව මෙය වේ. 2019 වසරේදී ද වසන්ත උත්සවයට පෙර ඔහු බෙයිජිං නගරයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමේදී කුරියර් සේවක පිරිස වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමමින් ඔවුන් ‘උද්‍යෝගිමත් මී මැස්සන්’ ලෙසින් ද ආදරණීයව ආමන්ත්‍රණය කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්රති පියවර ගන්නා බවට චීනයෙන් ප්රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්ර කරන බව චීනය කියයි