චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් ගෙනෙන ලද සාම්පලවල නවතම පර්යේෂණ ප්‍රතිඵලය නිකුත් කෙරේ. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය, ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය සමග එක්ව අද (06) එම පර්යේෂණ ප්‍රතිඵලය නිකුත් කර ඇත. අද චීනයේ මැද සරත් සෘතු උත්සව දිනයයි. සඳ යනු චීනයේ මෙම වැදගත් සාම්ප්‍රදායික උත්සවයේ ප්‍රධානම සංකේතයකි. එබැවින් එම පර්යේෂණ ප්‍රතිඵලයෙන් මෙවර සාම්ප්‍රදායික චීන මැද සරත් සෘතු උත්සවයට නවමු අර්ථකථනයක් ලබා දී ඇත.
සඳෙහි ඈත ප්‍රදේශයේ ඇති ප්රාවරණය සඳෙහි ආසන්න පෙදෙසට වඩා සීතල බවත්, එම උෂ්ණත්ව පරතරය සෙල්සියස් අංශක 70ක් පමණ වන බවත් Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් ගෙනෙන ලද සාම්පල පදනම් ව චීන විද්‍යාඥයන් සොයාගෙන ඇත.

චන්ද්‍ර වැස්මට යටින් පිහිටා ඇති ප්රාවරණය චන්ද්‍රයාගේ විශාලතම පරිමාව සහිත අංගය වේ. එබැවින් චන්ද්‍ර ප්රාවරණය වැනි චන්ද්‍රයාගේ අභ්‍යන්තර ලක්ෂණ චන්ද්‍රයාගේ පරිණාමය අධ්‍යයනය සඳහා ඉතා වැදගත් ය. චීන විද්‍යාඥයන්ගේ මෙම නව සොයාගැනීම චන්ද්‍ර පරිණාමය අධ්‍යයනය සඳහා තීරණාත්මක විද්‍යාත්මක දත්ත සපයයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි