ජාතික දිනය හා මැද-සරත් උත්සවයේ දින අටක නිවාඩුවේ පළමු භාගය තුළ චීනයේ මගී සංචලනය ඓතිහාසික මටට්මකට ළඟා වී තිබේ. එය ආසන්න වශයෙන් ගමන් වාර බිලියන 1.24කි. එබැවින් එය සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රගතියක් පෙන්නුම් කරන බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ(05) පැවසීය.
ඒ අනුව පසුගිය 04 වනදා වනවිට මගී සංචලනය මිලියන 301.29ක් දක්වා ළඟා වී ඇති අතර, එය පෙර වසර හා සසඳන විට සියයට 6.1ක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම නිවාඩුවේ පළමු දින 4 තුළ සාමාන්‍ය දෛනික ගමනාගමනය ගමන් වාර මිලියන 310 ඉක්මවා ගොස් ඇති බව ද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
පෙර වසර හා සසඳන විට දුම්රිය, ජලමාර්ග, සිවිල් ගුවන් සේවා සහ මාර්ග ඔස්සේ සිදු ව ඇති මගී ගමනාගමනයේ වර්ධනය පිළිවෙළින් 4.5%, 5.6%, 4.1% සහ 6.2 % ක් වේ. එමෙන්ම බෙයිජිං, ශැංහයි, ගුවන්ජෝ සහ ෂන්ජන් වැනි පළමු මට්ටමේ නගර මෙන්ම චෙන්ග්දු සහ ෂිආන් වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්තවල කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරයි.
සමස්ත නිවාඩු කාලය තුළ දේශීය මගී ගමන්වාර සංඛ්‍යාව ආසන්න වශයෙන් බිලියන 2.36ක් පමණ වනු ඇතැයි ද පුරෝකථනය කර තිබිණ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි