November 10, 2026

2026 මුල් භාගයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය පසුගිය වසරට වඩා 4.7%කින් ඉහළට

වසර 2026යේ මුල් භාගයේදී චීන ආර්ථික දත්ත නිකුත් කෙරේ.

මෙම වසරේ මුල් භාගයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 69,570.4 දක්වා ළඟා වූ අතර, එය පසුගිය වසරේ කාලසීමාවට වඩා 4.7% ක වැඩිවීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී  චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය දැනුවත් කර ඇත.

චීන ආර්ථිකය පීඩනයන්ට ඔරොත්තු දෙමින් සාර්ථක අගයක් වාර්තා කරගෙන ඇති බව  දත්තවලින් පෙනී යයි. නිෂ්පාදනය සහ සැපයුම වේගයෙන් වර්ධනය වූ අතර, රැකියා තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවරව පවතී. එසේම භාණ්ඩ මිල ගණන් මධ්‍යස්ථව ඉහළ ගොස් ඇති අතර, විදේශ වෙළඳාම යහපත් වර්ධන ගම්‍යතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. නව වර්ධන සාධක වේගයෙන් මතු වන අතර, ජනතාවගේ ජීවනෝපායන් ඵලදායී ලෙස සහතික කරමින්, චීනය සංවර්ධනයේ සහ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරන බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය එහිදී සඳහන් කළේ ය.

About The Author