ගල්ෆ් කලාපයේ යළි ආරම්භ වූ යුද ගැටුම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශක Lian Jian මහතා ඊයේ(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
සාමය සහ ස්ථාවරත්වය සඳහා වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රබල ඉල්ලීම්වලට අවනත වන ලෙසත්, තාර්කිකත්වයෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් සටන් විරාමය සහතික කරන ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න වෙරළබඩ රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට අදාළ සියලුම පාර්ශ්වයන් ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය සහ ආරක්ෂිත ගමනාගමනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අභිලාෂය බවත් Lian Jian මහතා එහිදී සඳහන් කළේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම