March 1, 2026

ඇමරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා තීරු බදු සැකසීමට අදාළව චීනයෙන් නිවේදනයක්

ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු අනුපාතය රඳවා ගනු ඇති බවත් සඳහන් කරමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම ඊයේ (05) නිවේදනයක් නිකුත් කරයි.

චීන-ඇමරිකානු වෙළඳ උපදේශනවලදී ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, 2025 වසරේ නොවැම්බර් මස 10 වනදා 13:01 සිට එම නව නිවේදනය ක්‍රියාත්මක කරනු ලබන අතර “ඇමරිකාවේ නිෂ්පාදිත ආනයනික භාණ්ඩ සඳහා අමතර තීරුබදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසමේ නිවේදනය” ට අදාළව දක්වා ඇති අතිරේක තීරුබදු පියවරයන් ද සකස් කරනු ඇත.

එමෙන්ම එම නිවේදනයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ද පියවර ගනු ඇත.

About The Author