April 16, 2026

මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට

මේ වසරේ චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම මේ දක්වා චීන යුවාන් බිලියන 2ක් ඉක්මවා ඇත. අද(1) පස්වරුවේ එම ආදායම චීන යුවාන් බිලියන 2ක් ඉක්මවා ගොස් ඇතැයි අන්තර්ජාල දත්ත පෙන්නුම් කර තිබේ.

එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන දේශීය චිත්‍රපට 6ක් තිරගත වීමට නියමිතව ඇත. ප්‍රේක්ෂකයන්ගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් නිම වූ එම චිත්‍රපට සටන් කලාව, ක්‍රියාදාම, ත්‍රාසය, මනඃකල්පිත, හාස්‍යය සහ සජීවීකරණ ඇතුලු විවිධ අංශ ආවරණය කරන බව වාර්තා වෙයි.

About The Author