මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකින්.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර එය ලොව වැඩිම පිරිසක් සජීවිව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද එය වාර්තා අතරට එක් වනවා.

නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල් සහ කලාපයන්හි මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරුණා. එමෙන්ම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා සහ භාෂා 82 ක මාධ්‍ය වේදිකා ද සම්බන්ධ වී එම ප්‍රසංගය විකාශය සහ වාර්තා කිරීම සිදු කෙරුණා.
මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් මෙන්ම අපූරු මානවරූපි රොබෝ නර්තන වැනි විශේෂාංග ද එක් කර තිබුනේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමින්
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්