ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු අනුපාතය රඳවා ගනු ඇති බවත් සඳහන් කරමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම ඊයේ (05) නිවේදනයක් නිකුත් කරයි.
චීන-ඇමරිකානු වෙළඳ උපදේශනවලදී ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, 2025 වසරේ නොවැම්බර් මස 10 වනදා 13:01 සිට එම නව නිවේදනය ක්‍රියාත්මක කරනු ලබන අතර “ඇමරිකාවේ නිෂ්පාදිත ආනයනික භාණ්ඩ සඳහා අමතර තීරුබදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසමේ නිවේදනය” ට අදාළව දක්වා ඇති අතිරේක තීරුබදු පියවරයන් ද සකස් කරනු ඇත.
එමෙන්ම එම නිවේදනයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ද පියවර ගනු ඇත.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ