චීනය අඛණ්ඩව වසර 16 ක් ආසියන් සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස රැඳී සිටී. එමෙන්ම, ආසියන් සංගමය අඛණ්ඩව වසර පහක් චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වී ඇත. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවේදී, චීන වාණිජ අමාත්‍යාංශ නිලධාරීන් මෙම තොරතුරු වාර්තා කර ඇත.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ ආසියන් සංගමය සමඟ චීනයේ වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 597 දක්වා ළඟා විය. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8.2% ක වැඩිවීමකි. එමෙන්ම එය මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ චීනයේ සමස්ත විදේශ වෙළඳාමෙන් 16.7% ක් ද විය.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ