2024 වසරේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම හා සම්බන්ධ රටවල් තුළ චීනයේ සෘජු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 50.99 දක්වා ළඟා විය. එය පෙර වසරට වඩා 22.9% ක වැඩිවීමකි. අද (08) Fujian පළාතේ Xiamen නගරයේ ආරම්භ වූ 25 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනයේදී මෙය හෙළිදරව් විය.
එහිදී චීන වාණිජ අමාත්‍යාංශය, චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය සහ චීනයේ විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනය එක්ව “2024 චීන බාහිර සෘජු ආයෝජන සංඛ්‍යාන ප්‍රකාශනය” නිකුත් කළේය. 2024 වසරේ චීනයේ බාහිර සෘජු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 192.2 දක්වා ළඟා වූ බවත්, එය වසරින් වසර 8.4% ක වැඩිවීමක් බවත් එම ප්‍රකාශනයේ පෙන්වා දී ඇත. 2024 අවසානය වන විට,චීන ආයෝජකයින් ලොව පුරා රටවල් සහ කලාප 190 ක ව්‍යවසායන් 52,000 ක් ස්ථාපිත කර ඇති බව ද එම ප්‍රකාශනයේ දැක්වේ. ඒ අතරින්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමට එක්වූ රටවල් තුළ ස්ථාපිත කර ඇති ව්‍යවසායන්හි සංඛ්‍යාව 19000 කි.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති