චීනයේ 41 වන ගුරු දිනය හෙට(10) දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, මධ්‍යම හා බටහිර චීනයේ ග්‍රාමීය ප්‍රදේශයන් හි ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සඳහා බඳවා ගත් ගුරු නියෝජිතයන් වෙත පිළිතුරු ලිපියක් යොමු කරමින් ඔවුන්ව දිරිමත් කර තිබේ. චීනය පුරා විහිදී සිටින ගුරුවරුන් හා අධ්‍යාපන කාර්යය මණ්ඩල සේවකයන් වෙත සිය හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ද හෙතෙම එහිදී පියවර ගෙන ඇත.
මධ්‍යම හා බටහිර චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල අනිවාර්ය අධ්‍යාපනය සිදු කරන පාසල් සඳහා බඳවා ගත් විශ්වවිද්‍යාල උපාධිධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ගුරු වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ගත වූ වසර 20 තුළ, ඒ වෙනුවෙන් සේවය ලබා දුන් ගුරුවරුන් ග්‍රාමීය අධ්‍යාපනය වෙත විශාල දායකත්වයක් ලබා දී ඇති බව ෂී ජින්පිං මහතා සිය පිළිතුරු ලිපියේ සඳහන් කරයි. ගුරුවරුන්ගේ මෙම කැපවීම මගින් ඔවුන් සතු අප්‍රමාණ වගකීම් සහගතභාවය හා ආචාරධර්ම සුරැකීමේ අවශ්‍යතාව පිළිබිඹු කෙරේ. එබැවින් අධ්‍යාපනයේ මූලික අභිලාෂයන්ට දැඩි ව අනුගත වෙමින්, ගුණාත්මක බවින් සහ ශක්තිමත් කායික හා මානසික ඒකාග්‍රතාවයකින් යුත් උසස් මට්ටමේ දරු පරපුරක් බිහි කිරීමෙහි ලා උත්සුක වන්නැ යි සඳහන් කරමින් ෂී ජින්පිං මහතා සමස්ත ගුරු ප්‍රජාවම දිරිගැන්වීය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි