
ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම තායිවානය මුහුණ දෙන “තර්ජනයට” මුහුණ දීමට සහාය වීමක් යැයි ඇමරිකාව කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දැක්වයි.
චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමේ තීරණයක් ඇමරිකාව ඊයේ(18) අනුමත කර ඇත. ඇමරිකාව සිදු කළ එම ක්‍රියාව “තායිවානයට ප්‍රමාණවත් ආරක්ෂාව සහතික කරන බවත් තායිවානය මුහුණ දෙන තර්ජනයට මුහුණ දීමට සහායක් වන බවත්” මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් පළ කළේය.
ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ද චීනය දරන දැඩි ස්ථාවරය පිළිබඳව පැහැදිලි කර ඇතැයි හෙතෙම සඳහන් කළේය. ඇමරිකාව තායිවානයට අවි ආයුධ විශාල ප්‍රමාණයක් අලෙවි කිරීම චීන අභ්‍යන්තර කටයුතු දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. එය චීනයේ ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවට දැඩි ලෙස හානි සිදු කරන අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය ද විනාශ කර ඇත. එමගින් “තායිවාන බෙදුම්වාදී” බලවේගයන්ට හා ලෝකයට දරුණු මෙන්ම වැරදි සංඥාවක් නිකුත් කෙරේ. චීනය ඊට දැඩි විරෝධය පළ කර ඇති බවද Guo Jiakun මහතා පැවසීය. එබැවින් ඒ සඳහා සියලු අත්‍යවශ්‍ය පියවර ගන්නා චීනය ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කරනු ඇතැයිද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
සංශෝධිත ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’ එළි දැක්වෙයි
මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට