
චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන 2026 වසරේ චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ සුබ සලකුණු එළි දැක්වේ. එම සුබ සලකුණු හතර අද (18) එළි දැක්විණ.
චීන සාම්ප්‍රදායික සංස්කෘතියට අනුව එළඹෙන 2026 වසර අශ්වයාගේ වසරයි. සුරතල් අශ්වයින්ගේ රුව දැක්වෙන මෙම නිර්මාණය චීන ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදයන්ට අයත් අශ්වයින්ගේ සම්භාව්‍ය රූපවලින් ආභාසය ලබා ඇත. “qi qi”, “ji ji”, “chi chi” සහ “cheng cheng” ලෙස නම් කර ඇති මෙම අශ්වයින් සිව්දෙනා ඉතා සජීවී බවකින් හා ආකර්ෂණීය පෙනුමකින් යුක්තය. මෙය “සැවොම වේගයෙන් හා නතර කළ නොහැකි ලෙස වර්ධනය වීම” යන ප්‍රසංගයේ ප්‍රධාන තේමාවට මනාව ගැලපීම විශේෂත්වයකි. එහි ඓතිහාසික සුන්දරත්වයෙන් සහ නිරන්තරයෙන් අලුත් වන යුගයක දර්ශනයකින් පිරී ඇත. එමගින් සාර්ථකත්වය හා දීප්තිමත් අනාගතයක් සංකේතවත් කෙරේ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි