සැප්තැම්බර් මාසය අවසන් වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3387 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. එය පසුගිය අගෝස්තු මාසය අවසානයට සාපේක්ෂව ඩොලර් බිලියන 16.5 ක එනම් 0.5% ක වර්ධනයකි.
චීන විදේශ විනිමය පරිපාලන දෙපාර්තමේන්තුව පවසන පරිදි, විදේශ විනිමය පරිවර්තනය හා වත්කම් මිලෙහි සිදු වූ වෙනස්වීම් මෙම වර්ධනයට බලපා තිබේ. සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලරය යම් උච්චාවචනයක් පෙන්නුම් කළ ද බැවින් ගෝලීය මූල්‍ය වත්කම්වල මිල සාමාන්‍යයෙන් ඉහළ ගොස් ඇත.
නමුත් විදේශ විනිමය පරිපාලන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ස්ථාවර ආර්ථිකයකින් සමන්විත චීනයට විදේශ විනිමය සංචිතවල සමස්ත ස්ථාවරත්වය පවත්වා ගැනීමට මනා හැකියාවක් ඇති බවයි.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ