උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් වෙනුවෙන් සහභාගී වීමට සහ එරට නිල සංචාරයක් සඳහා චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා එක් වීමට නියමිත ය. ඒ එළඹෙන ඔක්තෝබර් 9 සිට 11 දක්වා කාලය තුළදී ය.
කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ එරට රජයේ ආරාධනාවෙන් අගමැතිවරයා මෙම සංචාරයට එක් වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(07) ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු ද වන Li Qiang මහතා මෙම සංචාරයට එක්වන චීන නියෝජිත පිරිස මෙහෙයවනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙවර අගමැතිවරයාගේ සංචාරය අවස්ථාවක් ලෙස ගෙන, පක්ෂ දෙකේ සහ දෙරට උත්තරිතර නායකයින්ගේ වැදගත් එකඟතාවයේ මඟ පෙන්වීම යටතේ, උපායමාර්ගික සන්නිවේදනය හා සහයෝගීතාව ශක්තිමත් කරමින් චීන-උතුරු කොරියානු සාම්ප්‍රදායික මිත්‍රශීලී සහයෝගී සබඳතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට උතුරු කොරියාව සමග එක්ව උත්සාහ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එම ප්‍රකාශකයා පැවසීය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි