November 10, 2026

11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ

රටවල් සහ කලාප 70කට වැඩි ගණනක නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් 6000කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන්, 11 වන එක් තීරයක් එක් මාවතක් සමුළුව ඊයේ(09) හොංකොං හිදී ආරම්භ විය.

පෙර නොවූ විරූ වෙනස්කම් සහ භූ දේශපාලනික බෙදීම් සමග ගැටෙමින් සිටින ලෝකයට, එක් තීරයක් එක් මාවතක් මුලපිරුමෙන් ඉදිරිපත් කෙරෙන සම්බන්ධතාව, සහයෝගිතාව සහ එකඟතාව අත්‍යවශ්‍ය බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක ජෝන් ලී මහතා උත්සවය අමතමින් පැවසීය.

“එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යනු අතීත සිතියමක් නොව, අනාගතය සඳහා බෙදා ගත් සැලැස්මක්” බවත් එම අනාගතය හොංකොං සිට අවබෝධ කරගන්නා බවත් ඔහු කීය.

එම මුලපිරුම ඔස්සේ හවුල්කාර රටවල් සමග හොංකොං හි භාණ්ඩ වෙළඳාම පසුගිය වසරේ සියයට 17කින් පමණ වැඩි වී ඇත. එහි වටිනාකම ඇ.ඩො බිලියන 323ක් පමණ වේ. හවුල්කාර රටවල සමාගම් 1500කට ආසන්න සංඛ්‍යාවක් හොංකොං හි කාර්යාල පිහිටුවා තිබේ. ඊ‍ට අයත් සමාගම් 100කට අධික සංඛ්‍යාවක් හොංකොං කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කර ඇති අතර තවත්බොහෝ දේ ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

එහි දී හොංකොං වෙළඳ සංවර්ධන කවුන්සිලයේ සභාපති Frederick Ma මහතා පැවසුවේ ‘එක් තීරයක් එක් මාවතක් මුලපිරුම’ යනු සමීප සබඳතා ගොඩනගා ගනිමින් අත් කරගත හැකි විභවයන්, ප්‍රතිලාභ බවට පරිවර්තනය කිරීමක් බවයි. ආසියාන්, මධ්‍යම ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව යන කලාපයන් හි ප්‍රධාන ක්ෂේත්‍රයන්ට අදාළ අවස්ථාවන් ලැයිස්තු ගත කරන බව ද ඔහුපැවසීය. 

සමුළුවේ පළමු දිනයේ දී මුල්‍ය, වෘත්තීය සේවා සහ ඉදිකිරීම් ආවරණය වන පරිදි එකඟතා සහ ගිවිසුම් 32ක් අත්සන් කර තිබේ.

About The Author