චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වර්ධනය, ඉහළ මට්ටමේ ස්වාධීන විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයේ ප්‍රතිඵලයක් වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. අද(9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඇය මෙසේ පැවසුවේ චීනයේ කෘත්‍රිම බුද්ධි සමාගම් ඇමරිකාවේ තාක්ෂණය පිටපත් කරන බවට ඇමරිකාව චීනයට එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි. පොදුවේ සාකච්ඡා පැවැත්වීම, පොදුවේ සංවර්ධනය කිරීම, පොදු ප්රතිලාභ බෙදා ගැනීම සහ විවෘත සහයෝගීතාවයේ සංකල්පවලට අඛණ්ඩව අනුගත වීම ද චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ජයග්‍රහණයට හේතු වූ බව ද Mao Ning මහත්මිය කියා සිටියාය.
ඇමරිකාව, චීන ඇමරිකා රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් චීනයට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධාන බලවතුන් වශයෙන්, චීනය සහ ඇමරිකාව සහයෝගිතාව ශක්තිමත් කිරීම වඩාත් යෝග්‍ය බව ද ඇය ප්‍රකාශ කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්