November 10, 2026

වසරේ මුල් මාස අට තුළ චීනයේ ආගමන විගමන දත්ත වර්ධනීය අගයක

2026 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා, චීන ජාතිකයන් සහ විදේශිකයන් චීනයට පැමිණි සහ පිටවුණු සමස්ත වාර සංඛ්‍යාව හතළිස් නවකෝටි අනූලක්ෂයක් බව වාර්තා වෙයි. මෙම අගය, පසුගිය වසරේ අදාළ කාල සීමාවට වඩා 8.7%ක වර්ධනයකි. චීනයේ Jiangsu පළාතේ Lianyungang හි අද (10) පැවති ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ 2026 සමුළුවට අනුබද්ධ ආගමන හා විගමන කළමනාකරණ සහයෝගිතා පිළිබඳ සාකච්ඡා මණ්ඩපයේදී මේ බව දැනුවත් කෙරිණ.

චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තිය යටතේ රට තුළට විදේශිකයන් පැමිණි වාර සංඛ්‍යාව දෙකෝටි තිස්හත් ලක්ෂය ඉක්වමා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 77.6%ක ඉහළ අගයක් ගන්නා අතර, පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 26.8%ක වර්ධනයක් ද පෙන්නුම් කිරීමකි.

About The Author