මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා කුවේටයේ විදේශ ඇමති Jarrah Jaber Al-Ahmad Al-Sabah මහතා හමු වෙයි. එම හමුව ඊයේ (15) කුවේට් නුවරදී පැවැත්විණ.
මැදපෙරදිග යුද තත්ත්වය කුවේටය ඇතුළු ගල්ෆ් රටවලට දැඩි ලෙස බල පෑ බවත්, එය චීනය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත්, Zhai Jun මහතා එහිදී පැවසීය. ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් සිදු කිරීම ජගත් නීති උල්ලංඝනය කිරීමකි. ඊට දැඩිව විරුද්ධ වන චීනය අහිංසක සිවිල්වැසියන් හා යුදමය නොවන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බව ද ඔහු කියා සිටී. කුවේටය සංයමයෙන් කටයුතු කිරීම අගය කරමින්, මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිතයා කියා සිටියේ කුවේටය සමග එක්ව මැදපෙරදිග යුද උණුසුම නිවීම වෙනුවෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවය.
වත්මන් මැදපෙරදිග තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය හා චීනය කටයුතු කරන ආකාරය කුවේටය අගය කරන බව Jarrah Jaber Al-Ahmad Al-Sabah මහතා එහිදී කියා සිටියේය. චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් පවතින යුද තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරන බව ද කුවේටයේ විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
එදිනම මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් චීන විදේශ ඇමතිවරයා කටාරයේ විදේශ ඇමති Mohammed bin Abdulaziz Al-Khulaifi මහතා සමග දුරකථන සංවාදයකට ද එක් විය.
More Stories
චීන – වියට්නාම සබඳතා සංවර්ධනයේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
මැදපෙරදිග ප්‍රදේශයේ දිගුකාලීන යුද්ධයක් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන බව චීනය පවසයි
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල