
චීන-වියට්නාම ද්විපාර්ශ්වික සහයෝගීතා මෙහෙයුම් කමිටුවේ 17 වන රැස්වීම ඊයේ (17) හැනෝයිහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා විදේශ අමාත්‍ය වැන්ග් යී සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Bui Thanh Son යන මහත්වරුන් ඇතුළු දෙරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඊට එක් විය.
මෙහිදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණදී සිටින චීනයත් වියට්නාමයත්, සමාජවාදී නවෝත්පාදනයේ මාවත ඉදිරියට ගෙන යාම සඳහා අත්වැල් බැඳ ගත යුතු බවයි. එමෙන්ම දෙපාර්ශ්වය සහ ලොව සෙසු රටවල් අතර සබඳතා සඳහා නව අපේක්ෂාවන් අඛණ්ඩව නිර්මාණය කළ යුතු බවත්, ගෝලීය දකුණේත්, කලාපයේ සහ ජාත්‍යන්තරයේත් සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා නව දායකත්වයක් ලබා දිය යුතු බවත් හෙතෙම පැවසීය.
එහිදී කෘෂිකර්මාන්තය, විදුලිය, මූල්‍ය, ප්‍රධාන ඛනිජ සහ තාක්ෂණික නවෝත්පාදන යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම හා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රායෝගික ක්‍රියාවලීන් වඩාත් පුඵල් කිරීමට පියවර ගත යුතු බව ද වැන්ග් යී මහතා පෙන්වා දුන්නේය. තවද සමුද්‍රීය සහයෝගීතාව ප්‍රවර්ධනය සහ දකුණු චීන මුහුදු කලාපය ආශ්රිත චර්යාධර්ම සංග්‍රහයේ උපදේශන ඉක්මනින් අවසන් කිරීම යනාදියෙහි ගම්‍යතාව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති