November 10, 2026

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මියන්මාරයේ සංවර්ධනයට හිතකරයි–මියන්මාර ජනපති

මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා පසුගියදා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමේදී, චීන මාධ්‍ය සමූ‍හයේ වාර්තාකාරිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

Min Aung Hlaing මහතා චීනයේ වාර 10කට වැඩි ගණනක් සංචාරය කළ රාජ්‍ය නායකයෙකි. චීන මාදිලියේ නවීකරණ මාවතේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු ව හැඳින් විය හැකිය. ‘නව යුගයේ සිට චීනය තිරසර සංවර්ධනයක් ඉටු කර ඇති අතර එය ලෝක වාසීන්ට පැහැදිලිව දැකිය හැකි’ බවත් ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමෙන් තම රටට සංවර්ධන අවස්ථා ගෙන දුන් බව ද ඔහු සඳහන් කළේය. එය මියන්මාරයේ සංවර්ධනයට හිතකර වන අතර, ඉන් ලෝකය සම්බන්ධ කරන ප්‍රවේශයක් බවට තම රට පත් වී තිබෙන බව ද ඔහු කියාසිටියේය. චීනය සමග සම්පූර්ණ සහයෝගීතා ශක්තිමත් කරමින් වෙළඳ හා ආයෝජන මට්ටම ඉහළ නංවාලීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

About The Author