November 10, 2026

ගැඹුරු පීතෘ ප්‍රේමය සමගින් වූ චීන කොමියුනිස්ට්වාදීන්ගේ නොසැලෙන දේශප්‍රේමය

2021 සැප්තැම්බර් මාසයේදී, Shaanxi පළාතේ Yulin නගරයේ නිරීක්ෂණයකට එක් වූ අතරතුර, මහලේකම් ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ Suide ප්‍රාදේශීය කමිටුව පිහිටි පැරණි ස්ථානයට පැමිණියේය. එහි ප්‍රදර්ශන ශාලාවේ තිබූ වැකියක් ඔහුගේ අවධානයට ලක් විය. ඒ, “ජනතාව වෙනුවෙන් ස්ථිර ව සිටින්න.” යන්නයි. ඒ, ඔහුගේ පියා වන ෂී ජොංෂුන් මහතා පැවසූ වැකියකි. එම අවස්ථාවේදී ෂී ජින්පිං හැඟුම්බරව පියා එම වාක්‍යය දේශීය උපභාෂාවෙන් පැවසූ ආකාරය සිහිපත් කළේය.

පියා වරක් ෂී ජින්පිංට මෙසේ උපදෙස් දුන්නේය: “කෙතරම් උසස් නිලධාරියෙකු වුවද, ජනතාවට කඩිසරව හා අවංකව සේවය කිරීමට, ජනතාව කෙරෙහි සැබවින්ම සැලකිල්ලක් දැක්වීමට, ජනතාව සමග සම්බන්ධ වීමට සහ ජනතාව සමග සමීප වීමට කිසි විටෙකත් අමතක නොකරන්න.” 

මෙය ගැඹුරු පීතෘ ප්‍රේමය මෙන්ම චීන කොමියුනිස්ට්වාදීන්ගේ නොසැලෙන සහ කල් පවතින දේශප්‍රේමයේ මනා පිළිබිඹුවකි.

About The Author