November 10, 2026

ගොවි උරුමය සමගින් ජනතා සේවයට කැප වූ නායකයා

Shaanxi පළාතේ Fuping කෝරළයේ ගොවි පවුලක ඉපදුණු ෂී ජොංෂුන්, වගා කටයුතුවලට ඉතා දක්ෂ කෙනෙකි. එසේම, “මම ගොවියෙකුගේ පුතෙක්” බව ඔහු නිවසේදී බොහෝ විට සඳහන් කළ ප්‍රකාශයකි. මෙම මූලික උරුමය ඔහුගේ පුතා වන ෂී ජින්පිංට ගැඹුරින් බලපා ඇත.  ග්‍රාමීය ප්‍රදේශයේ බිම් මට්ටමේ සිට පක්ෂයේ සහ රාජ්‍ය නායකයා බවට පත්වීමේ  ගමනේදී ෂී ජින්පිංගේ එම පවුලෙන් උරුම වූ ආකල්පය නොවෙනස්ව පැවතුනි.

1969 මුල් භාගයේදී, එනම් වයස අවුරුදු පහළොවේදී, ෂී ජින්පිං ස්වේච්ඡාවෙන් උතුරු Shaanxi ගම්බද ප්‍රදේශවල වැඩ කිරීමට අයදුම් කළේය. ඔහු Liangjiaheහි ගම්වැසියන් සමග එකට ජීවත් වූ අතර ඔවුන් සමග ශ්‍රමය සපයමින් වැඩවල යෙදී තිබිණ. ඒ තුළින් ගොවිතැනේ දුෂ්කරතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත් ෂී ජින්පිං, “ජනතාවට ප්‍රායෝගික දේවල් කිරීම” යන්න සිය ස්ථිර ජීවන පරමාදර්ශයක් ලෙස සිතා ගත්තේය. එම අභිලාෂය සමග වයස අවුරුදු විසි දෙකේදී ඔහු එම ගම්මානයෙන් පිටව ගියේය.

1982 දී ෂී ජින්පිං Hebei පළාතේ Zhengding කෝරළයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය. ඒ කාලයේදී, ඔහු “කිසිදා කාර්යාලයේ නිකරුණේ වාඩිවී නොසිටි” නිලධාරියෙකු ලෙස බොහෝ දෙනෙකු මත හැඟීමක් ඇති කළේය. ඔහු නිතරම පර්යේෂණය සඳහා ගම්බද ප්‍රදේශවලට පාපැදියකින් ගිය අතර, වීදියේම මේසයක් සකසා ජනතාවගේ ගැටලුවලට එම ස්ථානයේදීම විසඳුම් සොයා දීමට කටයුතු කළේය.

2012 දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහාලේකම් ලෙස තේරී පත් වූ පසු, ෂී ජින්පිං මහතා ඔහුගේ පළමු දේශනයේදී දැඩි ප්‍රතිඥාවක් දුන්නේය. ඒ, “වඩා යහපත් ජීවිතයක් සඳහා ජනතාවගේ අභිලාෂය අප උත්සාහ කරන ඉලක්කයයි.” යන්නය.

මහජන නායකයෙකුගේ සිට ජනතා සේවකයෙක් දක්වා, ෂී ජොංෂුන් සහ ෂී ජින්පිං යන කොමියුනිස්ට් පරම්පරා දෙක, ඔවුන්ගේ දායකත්වය තුළින් “ජනතාව සඳහා සුබසෙත අත්කර ගැනීම” යන ප්‍රකාශය සැබවින්ම ක්‍රියාවට නංවා ඇත. ජනතාව කේන්ද්‍ර කරගත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සියලුම පක්ෂ සාමාජිකයින්ට මෙය මනා ආදර්ශයක් සපයා ඇත.

About The Author