November 10, 2026

සෑම අංශයකින්ම පක්ෂ විනය ශක්තිමත් කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන උපායමාර්ගයක්

දිගු කලක් චීනය පාලනය කරන චීන කොමියුනිස්ට් පක්ෂයට, පක්ෂ විනය පුළුල් ලෙස ශක්තිමත් කිරීම නිරන්තර “දේශපාලන යෝග්‍යතා අභ්‍යාසයක්” වේ.

මෙය තාවකාලික විශේෂ නිවැරදි කිරීමේ වැඩසටහනක් නොව, සියවසක් පැරණි, විශාල පක්ෂයක ජීව ගුණය පවත්වා ගනිමින් ස්ථාවරව ඉදිරියට ගෙනයාමට නිරන්තරයෙන් අනුගත වූ ස්වයං විනයගත කිරීමේ සහ නවීකරණයේ ක්‍රියාවලියකි.

චීන කොමියුනිස්ට් පක්ෂය, පක්ෂ පාලනයේදී විනය හා දැඩි ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සැමවිටම අවධානය යොමු කිරීමේ හේතුව නම් ‍රට පාලනය කිරීමේ යතුර පාලක පක්ෂය සතුව පැවතීමය.

මිලියන 100කට අධික සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින සහ බිලියන 1.4ක ජනතාව සංවර්ධනය කරා මෙහෙයවන චීන කොමියුනිස්ට් පක්ෂයේ පාරිශුද්ධභාවය සහ ප්‍රගතිශීලී බව, ජාතික සංවර්ධනයේ ගුණාත්මකභාවයටත්, සමාජ පාලනයේ ඵලදායීතාවයටත්, ජනතාවගේ යහපැවැත්මටත් ඍජුවම හේතු වේ.

දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීම යනු පරීක්ෂණයක් මෙන්ම අභියෝගයකි. ලෝකයේ බොහෝ කාලයක් පාලනය කළ පක්ෂ, නිලධාරිවාදී උදාසීනත්වය, බලය අධික ලෙස භාවිතය සහ ජනතාවගෙන් ඈත්වීම වැනි පොදු ගැටලුවලට මුහුණ දෙයි. මෙවැනි යුගයේ අභියෝගවලට මුහුණ දීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කරන ප්‍රධාන විසඳුම වන්නේ සෑම අංශයකින්ම පක්ෂ විනය ශක්තිමත් කිරීමය.

About The Author