November 10, 2026

5වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී චීන කණ්ඩායමට වාර්තාගත ජයග්‍රහණයක්

ජපානයේ නගෝයාහි පැවැත්වෙන 5වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම  සමත් වෙති. ඒ අනුව, රන් පදක්කම් 207ක්, රිදී පදක්කම් 117ක් සහ ලෝකඩ පදක්කම් 111ක් චීන කණ්ඩායම දිනා ගත්හ.

රන් පදක්කම් සංඛ්‍යාවෙන් මෙන්ම සමස්ත පදක්කම් සංඛ්‍යාවෙන් ද චීනය පෙරමුණේ පසුවෙයි. එසේම විදේශ රටක පැවති ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළකදී චීනය දිනාගත් විශිෂ්ටම ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

About The Author