November 10, 2026

බහුපාර්ශ්විකත්වය පිළිබඳ සම්මුතියක් ගොඩනඟමින් එක්සත් ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යනුකූල සාමාජිකත්වය ලබා ගැනීමේ 55 වන සංවත්සරය ඔක්තෝබර් 25 වන දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Jia Guide මහතා “නව චීනයේ සහ එක්සත් ජාතීන්ගේ වසර 55 පිළිබඳ ජිනීවාහි සිට විවරණයක්” නමැති ලිපියක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කටයුතු ත්‍රිත්වය වන සාමය හා ආරක්ෂාව, සංවර්ධනය සහ මානව හිමිකම් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට චීනය සැමවිටම සහාය දී ඇති බවයි.

මෑත වසරවලදී, ඒකපාර්ශ්විකත්වයේ බලහත්කාරකම් හමුවේ වුවද, චීනය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම දැඩි ලෙස ආරක්ෂා කර ඇත. සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට සහ වෙනස්කම් හා කැලඹිලිවලින් පිරුණු ලෝකයකට වඩාත් නිශ්චිතභාවයක් සහ ධනාත්මක ශක්තියක් ලබා දීමට චීනය සියලු පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඉන් අවධාරණය කර ඇත.

About The Author