චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යනුකූල සාමාජිකත්වය ලබා ගැනීමේ 55 වන සංවත්සරය ඔක්තෝබර් 25 වන දිනට යෙදී ඇත.
ඒ වෙනුවෙන්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Jia Guide මහතා “නව චීනයේ සහ එක්සත් ජාතීන්ගේ වසර 55 පිළිබඳ ජිනීවාහි සිට විවරණයක්” නමැති ලිපියක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කටයුතු ත්‍රිත්වය වන සාමය හා ආරක්ෂාව, සංවර්ධනය සහ මානව හිමිකම් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට චීනය සැමවිටම සහාය දී ඇති බවයි.
මෑත වසරවලදී, ඒකපාර්ශ්විකත්වයේ බලහත්කාරකම් හමුවේ වුවද, චීනය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම දැඩි ලෙස ආරක්ෂා කර ඇත. සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට සහ වෙනස්කම් හා කැලඹිලිවලින් පිරුණු ලෝකයකට වඩාත් නිශ්චිතභාවයක් සහ ධනාත්මක ශක්තියක් ලබා දීමට චීනය සියලු පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඉන් අවධාරණය කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්