චීන මාධ්‍ය සමූහය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස යා කළ සංගීත ප්‍රසංගයක් සංවිධාන කරයි. බෙයිජිං අගනුර පිහිටි යෙන් ඡි විල ආශ්රිත ප්‍රදේශයේදී එම ප්‍රසංගය පසුගියදා පැවැත්විණ. චීනයේ සාම්ප්‍රදායික මැද-සරත් සෘතු උත්සවය තේමා කරගනිමින් සංවිධාන කෙරුණු එම සංගීත ප්‍රසංගය සඳහා තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස කලාකරුවන් ඇතුළු 400ක පමණ පිරිසක් එක්වූහ.

සම්ප්රදාය හා නවීනත්වය මුසු කරමින් සංගීතය යන කලාංගය මගින් රටේ, ජාතියේ හා පවුලේ එකමුතුව වන මැද-සරත් සෘතු උත්සවයේ ප්‍රධාන තේමාව ඉස්මතු කිරීමට එම සංගීත ප්‍රසංගය සමත් විය. එබැවින් එය සංගීත ප්‍රසංගයක් පමණක් නොව තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස චීන ජාතිකයන් අතර හදවත් එකිනෙක බැඳුණු අධ්‍යාත්මික හුවමාරුවක් බව පැවසේ.
More Stories
චීන – ඇමරිකා රාජ්‍ය නායක හමුව වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සන්නිවේදනය අඛණ්ඩව
ජපන් ආක්රමණිකයන්ගේ අපරාධ හෙළි කෙරෙන “5”වාර්තා වැඩසටහන රටවල් රැසක විකාශය කෙරේ
වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්