චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ අද(10) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්විණ. ජනාධිපති ෂී ජින්පිං මහතා මෑතකදී ඇමරිකාවේ සිදු කළ රාජ්‍ය සංචාරය පිළිබඳ සඳහන් කරමින් චීන ඇමරිකා හමුදා අතර හුවමාරු පිළිබඳව එහිදී මාධ්‍යවේදියෙක් තොරතුරු විමසීය.
රාජ්‍ය නායකයින් අතර රාජ්‍යතාන්ත්‍රිකත්වය, චීන ඇමරිකා සම්බන්ධතාවයේ වර්ධන දිශානතිය පමණක් නොව, දෙරටේ හමුදාවන් අතර සම්බන්ධතාවයේ වර්ධනයටත් සුවිශේෂ මඟපෙන්වීමක් ලබා දෙන බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක චෙන් ෂී මහතා එහිදී පැවසීය. නායක දෙපළ අතර වැදගත් එකඟතාවන් මනා ලෙස ක්‍රියාවට නංවාලීමට ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. සංවාද, හුවමාරු හා සහයෝගීතා පුළුල් කරමින් මතභේද නිසි ලෙස පාලනය කිරීමට පියවර ගැනීමට ද බලාපොරොත්තු වේ. ‘ගරුත්වය, සාධාරණත්වය, සමානාත්මතාවය මත පදනම් වන චීන ඇමරිකා සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවයට’ ධනාත්මක දායකත්වයක් ලබා දීම සඳහා, දෙරටේ හමුදාවන් අතර සබඳතා ස්ථාවර, විධිමත් හා තිරසර ලෙස පවත්වා ගෙන යා යුතු බව ද ඔහු සඳහන් කළේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්